බොහෝකාර්යබහුලවෙන්නසිදුවෙනකාලවලදී වෙලාව කොහොම ගෙවෙනවාද මේ තරම් වේගයෙන් හිතෙන තරමට ඒ දේවල්වලට හිත යොදවන්න වෙද්දී අපි අනිවාර්යයෙන්ම සිතිය යුතුයි මේ මොහොතේ පවා මරණය උදා වීමේ ස්වභාවයෙන් අපි කවුරුවත්ම මිදී නැහැ. ඥාති හිතෛෂීන් අතරමැද වුණත්, රාජකාරී කටයුතු අතර මැද වුණත් සමහරවිට හිතට දැනෙන වෙහෙස නැතිකරගන්න ඇහෙන හඬවල් ඔස්සේ ගීත පවා මුමුණන්න හිත පෙළඹේවි.
ඒ හිතම යොදාගන්න පුලුවන් අපිට අපූරු ධර්ම කොටස් සජ්ඣායනයට. කාටවත් නොදැනෙන්න ඒ ගාථා කොටස් පාඩම් කරගන්න දුරකතනයේම පේන තැනක ගබඩා කරගන්නත් පුලුවන්. බොහෝ ඥාතී හඬ මැද හිතින් කියැවුණු අපූරු ගාථා කොටස් සහ සිංහල සජ්ඣායනාවන් අතිපූජනීය රාධ ස්වාමීන් වහන්සේ සහ කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ වදාරන අපූරු අරුත් සහිත ගාථා ධර්මයන්.
අපි අවිවේකයි කියමින් හිටියට ගීයක් මුමුණන්න අවිවේකයක් දැනෙන්නෙ නැහැ, දුරකථනය බලන්න අවිවේකයක් දැනෙන්නෙ නැහැ. ඉතින් මේ හැකියාවන් දෙකම උපයෝගී කරගෙන කුසලයක හිත රැඳවීම අතිශය සාර්ථකයි. ඉක්මනින්ම පාඩම් හිටිනවා වගේම තුනුරුවනේ අනන්ත ගුණයන් ගැන ගත කිලිපොලායන ප්‍රීතියක් උපදිනවා. ඒ වගේම අහස බැලුවත් "අනන්ත ඤාණේසු ගගනූපමස්ස" කියලා, ආකාසය සමානව ඤාණයෙන් අනන්ත වූ ලෙසින්ද, පොළොව කෙටුවත් ඇල්ලුවත් "සමාධි ධම්මේන පඨවීසමස්ස', ස්වාමීන් වහන්සේ සජ්ඣායනා කර කියාදෙන විදියටම, මගේ බුදුපියාණන් වහන්සේ සමාධියෙන් මිහිකත බඳුයි. අකම්පිතයි.
මේ ගාථා ධර්මයන් අරුත් සහිතව පහසු විදියකට ගබඩා කරගෙන වෙන අරමුණු බහුලව එන විට නිතර නිතර ඒ දෙස නෙත් යොමන්න. වෝල් පේපර් එකට පාවිච්චි කරගන්න පුලුවන් වඩාත්ම වටිනවා. ඒක මේ පහත කමෙන්ට් එකේ දාලා තියෙනවා. මේ තියෙන්නේ රාධ ස්වාමීන් වහන්සේ විසින් නිතැතින්ම වදාරන අපිට කටපාඩම් කරගත්තහම මහා විසල් සුව සහනයක් දනවන ගාථා ධර්මයන්.
🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽
සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස
සමාධි ධම්මේසු පඨවීසමස්ස
අනන්ත ඤාණේසු ගගනූපමස්ස
නමාමි සිරසා සිරි ගෝතමස්ස
මෝහන්ධකාරේසු සුරියූපමස්ස
සංසාර සෝතේසු සේතූපමස්ස
දෝසප්පවාහේසු මේඝූපමස්ස
නමාමි සිරසා ධම්මාමතස්ස
පටිපත්ති සාරෙසු සම්මා ඨිතස්ස
උජුභූත මග්ගේසු යානාගතස්ස
කුසලේසු ධම්මේසු ඛෙත්තූපමස්ස
නමාමි සිරසා සුගතෝරසස්ස
÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷
පිරිසිදු සිල් කඳ සමුදුර සේමා
නිසල සමාධිය මිහිකත සේමා
අනන්ත ඥානය අහසක් සේමා
සිරිපා අභියස පිණිපා වේවා
මොහඳුර සිඳලන ළා හිරු සේමා
සසර දියඹ මැද පහුරක් සේමා
කෙලෙස් කිලුටු හළ වැස්සක් සේමා
සදහම් රුවනට පිණිපා වේවා
පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා
දම්රස දනවයි මිහිරක් සේමා
පින් ගඟ ගලනා නිම්නය සේමා
මහ සඟ රුවනට පිණිපා වේවා
🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼
මේ පහතින් දැක්වෙන්නේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ වදාරන බුද්ධ වන්දනාමය වටිනා ගාථා රත්නය.
🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽
නමෝතස්ස භගවතෝ අරහතො සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතුවේසාරජ්ජ විසාරදස්ස
සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුණෝ
සම්මා සම්බුද්ධස්ස
🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼
කට පාඩම් කරගෙන එක තත්පරේකට හරි බුදුරුව හිතේ මවාගෙන, අනිත් ඉහතින්ම දැක්වූ ගාථාවනුත් තෙරුවන සිහි කරගෙන සජ්ඣායනා කරන්න හුරු වුණාම දහසකුත් හඬවල් අරමුණු මැද පවා පුදුමාකාර සහනයක් සැනසුමක් හිතට ලැබෙනවා.
හැමෝටම ධර්මාවබෝධය පිණිසම, තෙරුවනේ අනන්ත බලය ලැබීමෙන් පහසු මඟකින් නිවීම පිණිසම හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි!
✍️ සිත් නිවාලන අරණ ✍️
ඹබගේ ධර්ම දානය පිංකම නිවන් පිණිසම හේතු වේවා! තවත් මෙවැනි වටිනා දහම් ලේඛන තිබේ නම් ඊමේල් කරන්න. තෙරුවන් සරණයි!
ReplyDelete