යම් කෙනෙක්,
🔸වන වගා කරයි ද
🔸උයන් වතු වගා කරයි ද
🔸පාලම්, ඒදඬු කරයි ද
🔸පැන් හල්, වැව් පොකුණු කරයි ද
🔸වාසස්ථානත් දෙයි ද
දිවා රෑ සෑම කල ඔවුන්ගේ පින් වැඩෙයි.
ධර්මයේ පිහිටන ඒ සිල්වත්හු මරණින් මතු දෙව් ලොව යති.
වනරොප සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 1, පිටු අංක 60 -61)
දිනක් එක්තරා දෙවියෙක්
බුදුරජාණන්වහන්සේ හමුවට පැමිණ එකත් පස්ව හිට වන්දනා නමස්කාර කර මෙසේ ඇසුවා,
ස්වාමිනි භාග්‍යවතුන්වහන්ස,
🔸වයසට යනකල්ම මොකක්ද කරන්න හොඳ?
🔸කුමක පිහිටියම ද හොඳ?
🔸මනුෂ්‍යයාට තියෙන මැණික
කුමක්ද?
🔸සොරැන්ට ගන්න බැරි වස්තුව
කුමක්ද?
තථාගතයාණන්වහන්සේ ඒ දෙවියාට මෙසේ පිළිතුරු දි වදාළා,
🔹වයසට යනකල්ම ශිලයයි හොඳ.
🔹ශ්‍රද්ධාවේ පිහිටිම ම හොඳ.
🔹මනුෂ්‍යයාට තියෙන මැණික ශ්‍රද්ධාවයි.
🔹සොරුන්ට ගන්න බැරි වස්තුව පිනයි."
කියා වදාළා අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන්වහන්සේ.
ජරා සුත්‍රය (සංයුක්ත නිකාය)
(උපුටාගැනීම - dhamma_chakku instagram පිටුවෙන්)
Comments
Post a Comment