දහම් සිතුවිල්ලක්


පමාදං අප්‌පමාදෙන, යදා නුදති පණ්‌ඩිතො;
පඤ්‌ඤාපාසාදමාරුය්‌හ, අසොකො සොකිනිං පජං
පබ්‌බතට්‌ඨොව භූමට්‌ඨෙ ධීරො බාලෙ අවෙක්‌ඛති…





ප්‍රඥා වූ අර්යශ්‍රාවක තෙම යම් කලෙක කුසල්හි (සිහි ඇති බව යැ යි කියන ලද) අප්‍රමාදයෙන් ප්‍රමාදය (සිහිමුළාව) දුරු කෙරේ ද, එකල්හි (දිවැස්නුවණැ යි කියන ලද) ප්‍රාඥප්‍රාසාදයට නැගී, (අනාගාමි මගින් උදුරා හළ ශෝකශල්‍ය ඇති බැවින්) ශෝක රහිත වූ ප්‍රඥා වූ ඒ රහත් තෙම නො උදුරා හළ ශෝක ඇති බැවින් ශොකී වූ ප්‍රජාව (හෙවත් චුත වන උපදනා ශෝක සහිත සත්ත්ව සමුහය) බලන්නේ ය. බිම සිටියවුන් (සුවසේ බලන) පර්වත මුදුනෙක්හි සිටි එකක්හු මෙන් (නොසුන් තෘෂ්ණා ඇති බැවින් චුත වන උපදනා) බාලජනයන් දිවැසින් සුව සේ දක්නේ ය…….


Comments