හැමදෙනාටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…….
අද මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වන්නෙ අපි හැමදෙනාටම සුලු වශයෙන් හෝ තියෙන වෛරය ගැන කතා කරන්න……..
මොකක්ද මේ වෛරය කියන්නෙ…?……වෛරය ඇති වෙන්න හේතුව මොකක්ද ?….සහ මනසේ තියෙන උපාන්ග සහ මනෝවිද්‍යාව භාවිතා කරලා මේ වෛරය මුලිනුපුටා දමන්නෙ කොහොමද කියන එක ගැන…..
ඇත්තටම වෛරය කියන්නෙ අපේ ඇගේ විශාලතම නෙගටිව් vibration එක නිර්මාණය කරන්න අතිශයින් ම දායක වන ඉතා දරුනු නෙගටිව් හැගීමක් මෙන්ම සිතුවිලි සමුදායක්…….
කෙනෙක් ගැන වෛරයක් ඇති වෙන්න හේතුව තමයි අපි එහෙම වෛර කරාම තමන් ජයග්‍රහණය කරනවා එහෙම නැත්නම් ප්‍රශ්න ඔක්කොම විසදෙනවා මේක තමයි ප්‍රශ්නය විසදන්න පුළුවන් එකම ක්‍රමය කියලා තේරුම් ගන්න වැරැදි උපකල්පනය…..
ඇත්තටම කවුරු හරි ගැන වෛරී සිතුවිල්ල ක් ඇති වුනාම වෙන්නෙ මෙන්න මේදේ……
ඔයා ඒ කෙනා ගැන වෛරී සිතිවිලි හිතන්නෙ නිකන්ම නෙමෙයි….මනසේ ඉතා දරුනු චිත්ත රූප මවාගනිමින්……
ඒ කියන්නෙ ඔයාට තියෙන බලවත්ම mental faculty යක් වන imagination කියන උපාන්ගය භාවිතා කරලා……
ඉතින් මේ imagination කියන උපාන්ගය භාවිතා කරමින් ඔයා වෛරී සිතුවිලි චිත්ත රූප මගින් මවන කොට වෙන්නෙ ඔයා නොදැනුවත්වම කරන්නෙ යටි සිතට ඒ අදහස් සිතුවිලි සම්ප්‍රේෂණය කරන එක……
එහෙම කරාම වෙන්නෙ යටි සිත මගින් ඒ සිතුවිලි උපයෝගී කරගෙන කලින් කිව්වා වගේ විශාල නෙගටිව් vibration එකක් ඇති කරන එක…….
දැන් මේක සම්බන්ධ වෙන්නෙ ආකර්ශනීය නීතිය එහෙම නැත්නම් law of attraction එක්ක…
ඒ කියන්නේ ඔයා ඒ විදිහට negative vibration එකක් ඔයාගෙ ශරීරයේ නිර්මාණය කරාට පස්සෙ ඔයාට විශ්වයෙන් දෙගුණ තෙගුන වෙලා ආකර්ශනය වෙන්නෙ වෛරී සිතුවිලි , අදහස් , ඒ වගේම ඒ වගේ ආකල්ප දරන පුද්ගලයන්…..
ඉතින් බලන්න මේ පොඩි දේකට වෛරී සිතුවිල්ල ක් ඇතිවුනාම වෙන්නෙ විශ්වය මගින් ඒ සිතුවිල්ල ඔයාට දෙගුණ තෙගුණ කරලා නොසන්සිදෙන තරම් ප්‍රබල වෛරයක් ක්‍රෝධය ක් ඇතිවෙන වෛරී සිතුවිලි ලබාදෙන එක….
ඒක තමයි කියන්නෙ වෛරයෙන් වෛරය නොසන්සිදේ කියලා….ඒ කතාවෙ මනෝවිද්‍යාත්මක් තේරුම අද ඔයාලට තේරෙන් නැති කොහොමද මේක නොසන්සිදෙන තත්ත්වයකට පත්වෙන්නෙ කියලා…
දැන් තේරෙනවා ඇති වෛර කරන්න පටන් ගත්තම ඒකෙ ඉවරයක් නෑ කියලා….
ඒ වගේම තමයි මෙහෙම වෛරී සිතිවිලි ඔයා දිගින් දිගටම ආකර්ශනය වෙනකොට ඔයාගෙ ශරීරය ලෙඩ දුක් පීඩා ගොඩක් ආකර්ශනය කරන එක…
ඒකට හේතුව තමයි වෛරී සහගත සිතිවිලි වලින් නිර්මාණයක් කරන vibration එකට ලෙඩ දුක් ඉතා පහසුවෙන් ආකර්ශනය වෙන එක..
ඒක සරලව කිව්වොත් negative vibration එකක් තවත් negative දේවල් බොහොමයක් ආකර්ශනය කරනවා…ඒ කියන්නෙ වෛරය කියන්නෙ ලෙඩ දුක් පීඩා ආකර්ශනය කරන්න පුලුවන් දරුනු ඍනාත්මක් සිතුවිල්ලක්……..
ඉතින් ඔයා තේරුම ගන්න ඕන දෙයක් තමයි ඔයාට කවුරු හරි වෛර කරන වා කියල දැනෙනවනම් ඔයා කවදාවත් එයාට වෛර කරන්න යන්න එපා…
මොකද එහෙම කරොත් මන් අර පැහැදිලි කරපු විදිහට දෙගුණ තෙගුණ වෙලා ඔයාට negative දේවල් විතරමයි ආකර්ශනය කරගන්න පුලුවන් වෙන්නෙ…….
ඉතින් කවුරු හරි ඔයාට වෛර කරනවනම් ඔයාට කරන්න තියෙන්නෙ මේක හොඳ ට තේරුම් ගන්න එක…..
ඒ කියන්නෙ කවුරු හරි ඔයාට වෛර කරනවනම් එයා එයාටම කරගන්නෙ ලොකු හානියක් කියලා දැන් ඔයාට හොඳ ටම පැහැදිලි ඇති…..
ඒ වගේම ඒ වෛර කරන කෙනාට ඔයා ආපස්සට වෛර කරන්න ගියොත් ඔයාට ත් වෙන්නෙ ලොකු හානියක් කියලා දැන් තේරෙනවා ඇති…..
ඉතින් ඇත්තටම සමාජයේ වෛර කරන අය ඕන තරම් ඉන්න පුළුවන් ……ඒත් ඒ අය නොදැනුවත්ව ම කරගන්නෙ තමන්ට ලොකු හානියක් කියලා ඒ අය දන්නෙ නැහැ…..
ඒක ඒ අයගෙ නොදන්නාකම….හැබැයි දැන් ඔයා ඒක දන්නවා….දැන් ඔයා දන්නවා වෛර කරොත් කාට හරි එයා කරගන්නෙ තමන්ට ඉතා ලොකු අවාසි යක් බව……
ඉතින් ඔයා කරන්න ඕන වෛර කරන්නැතුව ඒ අයට අනුකම්පා කරන එක…නැත්නම් මෛත්‍රී කරන එක…ඔයා කාට හරි මෛත්‍රී කරොත් ඔයාට විශ්වයෙන් දෙගුණ තෙගුණ වෙලා යහපත් දේවල් ආකර්ශනය වෙනවා…..
වෛර කරන අයට මෛත්‍රී කරන්න කියලා පොඩි කාලෙ ඉදන් ඇහිල තිබුනට දැන් ඒකෙ ඇත්ත මනෝවිද්‍යාත්මක් පැත්ත ගැන ඔයාට තේරෙනවා ඇති……..
ඇත්තටම කිව්වොත් ඔයාට මේ ලොකෙ ඉන්න හැමදෙනාම වෛර කරත් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ……..ඔයා ඒකට නැවත ප්‍රති වෛර කරන්න ගියෙ නැත්නම්….
මොකද ඒ වෛර කරන අය තමන්ටම කරගන්නෙ ඉතා විශාල හානියක්….
ඇත්තටම මේ වගේ කරුණු මෙහෙම දැනගත්තම ඉදිරි ජීවිතයට ගොඩාක් පහසු වෙයි….
මොකද දැන් ඔයා දන්නවා මම වෛර කරොත් මට මොකද වෙන්නෙ…..මම මෛත්‍රී කරොත් මට මොකද වෙන්නෙ….ඒ වගේම වෛර කරන අයටත් මොකද වෙන්නෙ කියලා…….
ඇත්තටම මේ වෛරී සහගත සිතුවිලි නිසා අද ලෝකකේ හොරකම් , මිනීමැරුම් , කේලාම් කීම්, පැහැරගැනීම්…වගේ කොච්චර අනිසි ක්‍රියා දේවල් වෙනවද අදටත්…..
ඉතින් මේ හැමදේකටම හේතුව තමයි මේ දේවල් ගැන හරියට නොදන්නාකම..ඒක තමයි හැමදේකටම හේතු වෙන්නෙ..
ඉතින් මේ ලිපියේ අන්තර්ගත කරුණු භාවිතා කරලා ඉදිරියේදී ජීවිතයේ දී කිසි කෙනෙක්ට වෛර කරන්නැතුව හැමෝටම මෛත්‍රී කරලා හොඳින් යහපත්ව ජීවත් වෙන්න පුලුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා……..
Ralated books:
Thinking Fast And Slow
Dahniel Khaneman
P.H.D
Comments
Post a Comment