"ඒ ශාස්තෘන් වහන්සේගේම ශ්‍රවක භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව නිවන් මඟ පුහුණු වෙන සේඛ ප්‍රතිපදාවෙන් යුක්තයි. බහුශ්‍රැතයි. උතුම් සිල්වත් බවටත් පැමිණිලායි ඉන්නේ.
ඉතින් උන්වහන්සේත් මේ ධර්මය දේශනා කරනවා. එහි ආරම්භයත් කල්‍යාණයි. මැදත් කල්‍යාණයි. අවසානයත් කල්‍යාණයි. අර්ථ සහිතයි. නිවැරදි වචන ගැලපීමෙනුත් යුක්තයි. සියලු ආකාරයෙන්ම සම්පූර්ණ වූ පිරිසිදු ඒ අමා නිවන් මග ගැනයි දේශනා කරන්නේ.
පින්වත් මහණෙනි, මේ තමයි බොහෝ දෙනාගේ යහපත පිණිස, බොහෝ දෙනාගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස, යහපත පිණිස, සැපය පිණිස මේ ලෝකයේ පහළ වන තුන්වෙනි පුද්ගලයා."
~ භාග්‍යවතුන් වහන්සේ.
( ඇසුර: ඛුද්දක නිකාය - ඉතිවුත්තක පාළි - තික නිපාතය - සිවුවන වර්ගය - බහුජනහිත සූත්‍රය )
ලොකු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ ට නමස්කාර වේවා !
Comments
Post a Comment